27/11/2016

සෝභිත හිමි ගුණානුස්මරණයට දඹර අමිල හිමි ආචාර්ය අනිල් ජයන්ත පැරීසියට : ලබන 4 වෙනිදාට ඔබත් එන්න


(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.27, පෙ.ව‍‍‍‍‍‍‍. 7.30)

සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙරමුණ ගත් මීට වසරකට පෙර අපවත් වී වදාල අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන්ට පිං පැමිණවීමේ වර්ෂ පූර්ණ ගුණ සැමරුම් පූජෝපහාර උත්සවයක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ. 2016 දෙසැම්බර් මස 04 වෙනි ඉරු දින සවස 5 ට පැරීසියේ 154, Avenue Gallieni, 93170 Bagnolet Metro- Line 3 (Gallieni Terminus) යන ලිපිනයේදී පැවැත්වෙන මෙම සමරුවට ශ්‍රී ලංකාවෙන් පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ආරාධිතයන් ලෙස සහභාගී වනු ඇත.

පූජෝපහාර උත්සවයේදී "දේශයේ වර්තමාන පසුබිම සහ සෝභිත හිමියන්ගේ පැතුම් සපුරා ගන්නේ කෙසේද?" යන්න ගැන විශේෂ දේශනයක් පූජ්‍ය දඹර අමිල හිමිපාණන් විසින් පවත්වනු ලබන අතර ජයවර්ධනපුර සරසවියේ ගිනුම්කරණය සහ කලමනාකරණ අධ්‍යයන වානිජ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා රටේ ආර්ථික තත්ත්වය ගැන දේශනයක්ද පැවැත්වීමට නියමිතය. මෙහිදී සහභාගී වන්නන් ගේ ද සහභාගීත්වයෙන් ප්‍රබුද්ධ සංවාදශීලී සම්මන්ත්‍රණයක් ද පැවැත්වීමට නියමිතය.

මෙම උත්සවය සංවිධානය කරන්නේ පැරීසියේ “ප්‍රංශ ලංකා සන්ධානය“ විසිනි

-සුනිල් ආනන්ද පැරීසියේ සිට-