16/12/2023

සිසිල නමින් ඕස්ට්‍රේලියාවෙන් මාසික සිංහල සඟරාවක් - A monthly Sinahala Magazine from Australia


"සිසිල" නමින් නම් කර ඇති ඕස්ට්‍රේලියාවේ පළවෙන මාසික සිංහල සඟරාවක් ගැන අපට ආරංචිය ලැබී ඇත.

මෙය පළ කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ සිට ය.

ඉහළින් ඇත්තේ "සිසිල" සඟරාවේ දෙසැම්බර් කලාපයේ මුල් පිටුවයි. එම කලාපයේ අන්තර්ගතය පහළින් ඇති රූ-සටහනේ පෙනේ.

"සිසිල" ඉලෙක්ට්‍රොනික සඟරාවකි. එය බෙදා හැරෙන්නේ ඊ-මේල් මගිනි.

කෙටිකතා, තීරු ලිපි සහ කවි පළවෙන සාහිත්‍ය සඟරාවක් වන "සිසිල" පිටපතක් ලබා ගැනීමට කැමති නම් පහත ලිපින්‍යට ඊ-මේල්‍යක් යවන්න.

sangarawa.sisila@gmail.com

ස්තුතියි.



27/11/2016

සෝභිත හිමි ගුණානුස්මරණයට දඹර අමිල හිමි ආචාර්ය අනිල් ජයන්ත පැරීසියට : ලබන 4 වෙනිදාට ඔබත් එන්න


(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.27, පෙ.ව‍‍‍‍‍‍‍. 7.30)

සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙරමුණ ගත් මීට වසරකට පෙර අපවත් වී වදාල අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන්ට පිං පැමිණවීමේ වර්ෂ පූර්ණ ගුණ සැමරුම් පූජෝපහාර උත්සවයක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ. 2016 දෙසැම්බර් මස 04 වෙනි ඉරු දින සවස 5 ට පැරීසියේ 154, Avenue Gallieni, 93170 Bagnolet Metro- Line 3 (Gallieni Terminus) යන ලිපිනයේදී පැවැත්වෙන මෙම සමරුවට ශ්‍රී ලංකාවෙන් පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ආරාධිතයන් ලෙස සහභාගී වනු ඇත.

පූජෝපහාර උත්සවයේදී "දේශයේ වර්තමාන පසුබිම සහ සෝභිත හිමියන්ගේ පැතුම් සපුරා ගන්නේ කෙසේද?" යන්න ගැන විශේෂ දේශනයක් පූජ්‍ය දඹර අමිල හිමිපාණන් විසින් පවත්වනු ලබන අතර ජයවර්ධනපුර සරසවියේ ගිනුම්කරණය සහ කලමනාකරණ අධ්‍යයන වානිජ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා රටේ ආර්ථික තත්ත්වය ගැන දේශනයක්ද පැවැත්වීමට නියමිතය. මෙහිදී සහභාගී වන්නන් ගේ ද සහභාගීත්වයෙන් ප්‍රබුද්ධ සංවාදශීලී සම්මන්ත්‍රණයක් ද පැවැත්වීමට නියමිතය.

මෙම උත්සවය සංවිධානය කරන්නේ පැරීසියේ “ප්‍රංශ ලංකා සන්ධානය“ විසිනි

-සුනිල් ආනන්ද පැරීසියේ සිට-

01/08/2015

“දූෂිත රාජපක්ෂ සහ චෞරයන් යලි පාර්ලිමේන්තුවට එපා“ - නිව්යෝර්ක් ශ්‍රී ලාංකිකයෝ හෙට වීදි බසිති


(ලංකා ඊ නිව්ස් -2015.අගෝ.01, ප.ව.5.30)
“දූෂිත රාජපක්ෂ සහ චෞරයන් යලි පාර්ලිමේන්තුවට එපා“ යැයි බල කෙරෙන දැවැන්ත උද්ඝෝෂනයක් සහ රැලියක් හෙට (02 August 2015) ඇමරිකාවේ අගනුවර වන නිව්යෝර්ක්හි පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට පැවැත්වීමට නියමිතය.

එ.ජා.මූලස්ථානය ඉදිරි පිට දෙවන ඇවනියුහි 47 වන වීදියේ දී (2nd Avenue, 47th Street) මෙම උද්ඝෝෂනය සහ රැළිය හෙට අගෝස්තු 02 දා දහවල් 12 ට පැවැත්වෙන අතර නිව්යෝර්ක්හි පදිංචි සියළු දේශප්‍රේමී යහපාලනප්‍රේමී ජනතාවට පක්ෂ පාට නොබලා සහභාගී වන්නැයි සංවිධායක වරු ආරාධනා කරති.

ජනවාරි 08 වෙනිදා ශ්‍රී ලංකාව දිනා ගත් යහපාලනය ඉදිරියට ගෙන යෑම සඳහා කවර වර්ගයේ හෝ දූෂිතයන් හොරුන් පාර්ලිමේන්තුවට පත් නොකර ගන්නැයි ශ්‍රී ලංකාවාසී ජනතාවට දැනුම් දීම සඳහා මෙම උද්ඝෝෂනය පැවැත්වෙන බව සංවිධායකවරු පවසති.

සියළු විමසීම්:
ලාල් - දුරකථනය : 7186081997
අනුර - දුරකථනය : 7323192547
හර්ලි - දුරකථනය : 6466451232

25/07/2015

යහපාලනවාදී බහුතර පාර්ලිමේන්තුවක් බිහිකිරීමට පැරිස් ලාංකිකයෝ අද රැස්වෙති



යහපාලනවාදී බහුතර පාර්ලිමේන්තුවක් බිහිකිරීමට පැරිස් ලාංකිකයෝ අද රැස්වෙති

(ලංකා ඊ නිව්ස් -2015.ජුලි.24, ප.ව.9.00)
ජාතික සමගිය ඇතිකර අභිමානයෙන් ජීවත් විය හැකි ශ්‍රී ලංකාවක් බිහිකර ලෝකයේ වෙනත් ජාතීන් අතර අත්වැල් බැඳ ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් දෙපොලට ශක්තිය ලබා දීම සඳහා අගෝස්තු 17 වෙනිදා එක්සත් ජාතික පෙරමුණට බහුතර බලයක් ලැබෙන පාර්ලිමේන්තුවක් ගොඩ නගා ගැනීම වෙනුවෙන් පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක් හෙට (25) පැවැත්වේ.

පැරිසියේ එජාප ශාඛාව ප්‍රධාන යහපාලනය වෙනුවෙන් පෙරමුණ ගත් සියළු දෙනාගේ සහභාගීත්වයෙන් මෙම සුහද හමුව පැවැත්වෙන බව සංවිධායකයෝ ලංකා ඊ නිව්ස් වෙත පැවසූහ.

පැරිසියේ බොලොඤ්ඤෙ හි බගතෙල් උද්‍යානයේ බුලෝන් ක්‍රීඩාංගනයේදී හෙට 25 සවස 4 සිට මෙම හමුව පැවැත්වෙන අතර පැරිස්වාසී යහපාලනවාදී සියළු දෙනාට සංවිධායකවරු ආරාධනය කර සිටිති.

http://www.lankaenews.com/news/2332/si

24/06/2014

මිනීමරු වර්ගවාදයට එරෙහිව පැරිස් අයිපල් කුළුණ අබියස දැවැන්ත විරෝධයක්

http://www.lankaenews.com/Sinhala/news.php?id=24875

(ලංකා ඊ නිව්ස් -2014.ජුනි.23, ප.ව.9.30)

අලූත්ගමදී සහ බේරුවලදී සිදුකළ ම්ලේච්ඡ ඝාතනයන් මෙන්ම ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත් වලද මුස්ලිම් ජනයාද ඔවුන්ගේ දේපොලද ආගමික ස්ථානද ඉලක්ක කරමින් රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ බලා සිටියදී රෙජීමයේ සහාය ලබන බොදු බල සේනා ත්‍රස්තවාදීන් විසින් සිදුකරගෙන යන ප්‍රහාරයන්ට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ඩයස්පෝරාව පැරීසියේ අයිෆල් කුළුන අසලදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුයේ ය. මේ සඳහා දේශපාලන පක්ෂ බේදයෙන් තොරව ජනතාව සහභාගී වූ අතර සාමාන්‍යයෙන් එළියට නොබසින මුස්ලිම් කාන්තාවන්ද විරෝධතාවයට එක්ව සිටීම කැපී පෙණුනි. හරක් මරන්න එපා කියන නමුත් මිනිසුන් මරන්නැයි උඩ ගෙඩි දෙන බොදු බලයට ශ්‍රී ලංකාවේ මුස්ලිමුන් මරන්න එපා යයි සඳහන් දැවැන්ත බැනරයක් ප්‍රදර්ශනය කළ උද්ඝෝෂකයෝ සිදුකළ මුස්ලිම් ඝාතනය සහ ව්‍යයසනය 'කළු ජූනිය' ලෙස හැඳින්වූහ. ජාතිවාදයට විරුද්ධව අපට උදව් කරන්නැයි එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියහ. ද්වේෂ සහගත කතා කියමින් මුස්ලිම් ජනතාවට පහර දීමට පෙළැඹවූ නානසාර අත් අඩංගුවට ගන්නා ලෙස බල කළහ. සියලූම ජාතීන් සාමයෙන් ජීවත්වූ රටක සිදුවන මෙම මැර ක්‍රියාවන් සිදු කරන පිරිස් නීතිය ඉදිරියට කැඳවන මෙන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බව උද්ඝෝෂණයේ සංවිධායකයෝ පැවසූහ.

ලංකාවේ ජාතිවාදය වැපිරීමට අති මහත් සේවයක් කරමින් වත්මන් දුෂ්ඨ පාලකයා වන මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට සහ ඔහුගේ මිනීමරුවාදයට දිවා රෑ නොතකා දර දිය ඇද්ද ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් සහ ජවිපෙ ජාතිවාදයට එරෙහිව ඉන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පැරිසියේ සිටින පිරිස්ද තම තමන්ගේ දේශපාලන අදහස් අඩංගු පත්‍රිකා එහිදී ඛෙදනු දක්නට ලැබිණ.

http://www.lankaenews.com/Sinhala/news.php?id=24875

22/06/2014

සම අයිතිය ව්‍යාපාරයෙන් ලන්ඩනයේ උද්ඝෝෂණක්!

පසුගිය කාලය පුරාවට ක්‍රමිකව වර්ධනය වී එහි ඛේදනීය අවසානය ලෙස අලුත්ගම හා බේරුවල නගර පදනම් කරගෙන නිර්මාණය වූ ආගම්වාදී හා ජාතීවාදී සිදුවීම් මෙන්ම එම ප්‍රවණතාවයන්ට එරෙහිව සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් එක්සත් රාජධානියේදී ලන්ඩන් නුවර දී ජුනි 20 වැනිදා පැවත්වුණි. එරට පිහිටි ශ්‍රී ලංකාතානාපති කාර්යාලය ඉදිරිපිට පැවති මේ සදහා සිංහල, දෙමළ සහ මුස්ලිම් විශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබුණි. උද්ඝෝෂණය අවසානයේදී රැස්ව සිටි පිරිස අමතා සමඅයිතිය ව්‍යාපාරය හා විවිධ සංවිධාන නියෝජනය කරමින් පැමිණි නියෝජිත පිරිස් අදහස් දැක්වීම් සිදුකළහ. උපුටා ගත්තේ: http://sinhala.lankanewsweb.net/news/12775-2014-06-21-11-02-45