24/06/2014

මිනීමරු වර්ගවාදයට එරෙහිව පැරිස් අයිපල් කුළුණ අබියස දැවැන්ත විරෝධයක්

http://www.lankaenews.com/Sinhala/news.php?id=24875

(ලංකා ඊ නිව්ස් -2014.ජුනි.23, ප.ව.9.30)

අලූත්ගමදී සහ බේරුවලදී සිදුකළ ම්ලේච්ඡ ඝාතනයන් මෙන්ම ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත් වලද මුස්ලිම් ජනයාද ඔවුන්ගේ දේපොලද ආගමික ස්ථානද ඉලක්ක කරමින් රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ බලා සිටියදී රෙජීමයේ සහාය ලබන බොදු බල සේනා ත්‍රස්තවාදීන් විසින් සිදුකරගෙන යන ප්‍රහාරයන්ට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ඩයස්පෝරාව පැරීසියේ අයිෆල් කුළුන අසලදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුයේ ය. මේ සඳහා දේශපාලන පක්ෂ බේදයෙන් තොරව ජනතාව සහභාගී වූ අතර සාමාන්‍යයෙන් එළියට නොබසින මුස්ලිම් කාන්තාවන්ද විරෝධතාවයට එක්ව සිටීම කැපී පෙණුනි. හරක් මරන්න එපා කියන නමුත් මිනිසුන් මරන්නැයි උඩ ගෙඩි දෙන බොදු බලයට ශ්‍රී ලංකාවේ මුස්ලිමුන් මරන්න එපා යයි සඳහන් දැවැන්ත බැනරයක් ප්‍රදර්ශනය කළ උද්ඝෝෂකයෝ සිදුකළ මුස්ලිම් ඝාතනය සහ ව්‍යයසනය 'කළු ජූනිය' ලෙස හැඳින්වූහ. ජාතිවාදයට විරුද්ධව අපට උදව් කරන්නැයි එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියහ. ද්වේෂ සහගත කතා කියමින් මුස්ලිම් ජනතාවට පහර දීමට පෙළැඹවූ නානසාර අත් අඩංගුවට ගන්නා ලෙස බල කළහ. සියලූම ජාතීන් සාමයෙන් ජීවත්වූ රටක සිදුවන මෙම මැර ක්‍රියාවන් සිදු කරන පිරිස් නීතිය ඉදිරියට කැඳවන මෙන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බව උද්ඝෝෂණයේ සංවිධායකයෝ පැවසූහ.

ලංකාවේ ජාතිවාදය වැපිරීමට අති මහත් සේවයක් කරමින් වත්මන් දුෂ්ඨ පාලකයා වන මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට සහ ඔහුගේ මිනීමරුවාදයට දිවා රෑ නොතකා දර දිය ඇද්ද ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් සහ ජවිපෙ ජාතිවාදයට එරෙහිව ඉන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පැරිසියේ සිටින පිරිස්ද තම තමන්ගේ දේශපාලන අදහස් අඩංගු පත්‍රිකා එහිදී ඛෙදනු දක්නට ලැබිණ.

http://www.lankaenews.com/Sinhala/news.php?id=24875

No comments:

Post a Comment